ප්‍රාදේශීය ලේකම් |
||
![]() ![]() |
නම |
කේ.එච්.අයි. සදමාලි තිලකරත්න මිය |
| රැකියා ඉතිහාසය |
|
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | ඩී.ආර්.එම්.ඩී. සදමිණී මිය |
| රැකියා ඉතිහාසය |
|
|
ගණකාධිකාරි |
||
![]() |
නම | ඊ.එච්.එම්.එන්.එම්. විමලසූරිය මෙය |
| රැකියා ඉතිහාසය |
|
|
සහකාර අධ්‍යක්ෂ(සැලසුම්) |
||
![]() |
නම | ආර්.පී.එන්.චම්පිකා මිය |
| රැකියා ඉතිහාසය |
|
|
පරිපාලන නිලධාරි |
||
| නම | ||
| රැකියා ඉතිහාසය | ||
පරිපාලන ග්‍රාම නිලධාරි |
||
![]() |
නම | පී. දමිත් දසනායක |
| රැකියා ඉතිහාසය | ||
අපගේ දැක්ම
තිරසාර සංවර්ධනය තුලින් ආදර්ශමත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව පඩුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජීවත්වන ජනතාවගේ සමාජ,ආර්ථික හා ආධ්‍යාත්මික සංවර්ධනය ළගාකර දීම සදහා පරිසරය ස්ථිරසාර ලෙස ආරක්ෂා කරමින් මානව,මූල්‍ය හා භෞතික සම්පත් ගුණාත්මකව හා ඵලදායි ලෙස මෙහෙයවමින් කටයුතු කිරීම.
ආයතනයේ විකාශනය
පඬුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටුපොත නගරයේ සිට කුලියාපිටිය මාර්ගයේ කි.මී.07 ක් ගියවිටද කුරුණෑගල කුලියාපිටිය මාර්ගයේ පිහිටි හොරොම්බාව හන්දියේ සිට හෙට්ටිපොල මාර්ගයේ කි.මී 13ක් ගිය විටද කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ මූණමල්දෙණිය හන්දියේ සිට කටුපොත මාර්ගයේ කි.මී. 7.5ක් ගිය විටද හෙට්ටිපොල නාරම්මල මාර්ගයේ කි.මී. 07ක් ගිය විටද හමුවන මා වී ඇල මංසන්දියේ පිහිටා ඇත.
උතුර හා බටහිර දෙසින් පඩුවස්නුවරද දකුණ දෙසින් කුලියාපිටිය නැගෙනහිරද නැගෙනහිර දෙසින් බමුණාකොටුව හා වාරියපොල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් මායිම්ව මෙම කාර්යාලය පිහිටා ඇත. මෙම කොට්ඨාශයේ විශාලත්වය වර්ග කි.මී. 104.6 ක් පමණ වේ.
පඬුවස්නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරි වසම් 36ක් ආවරණය වනසේ 2007 ජනවාරි 30 දින මෙම කාර්යාලය ස්ථාපනය කර ඇත. කෝරල වශයෙන් ගත් කල අංගමු කෝරලය සම්පූර්ණයෙන්ම උතුරු යටිගහ තිස්සව හා ගිරාතලාන යන කෝරල වලින් කොටස බැගින්ද ඇතුලත් වන සේ මෙම කොට්ඨාශය නිර්මාණය වී ඇත. ගොවිජන සේවා බල ප්‍රදේශ අනුව ග්‍රාම නිළධාරි වසම් 8ක් මූණමල්දෙණිය ගොවිජන සේවා බල ප්‍රදේශයේ ග්‍රාම නිළධාරී වසම් 06ක් පඬුවස්නුවර ගොවිජන සේවා බල ප්‍රදේශටයද, කනෝගම ගොවිජන බල ප්‍රදේශයට ග්‍රාම නිළධාරී වසම් 25ක් ද වශයෙන් ආවරණය කරනු ලැබේ. 2014.01.01 දින සිට පඩුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්ව තිබූ ග්‍රාම නිලධාරි වසම් තුනක් පඩුවස්නුවර බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයට අයත් වී ඇත.
කෘෂිකාර්මික ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැකි මෙම කොට්ඨාශයේ වී හා පොල් ප්‍රධාන භෝගයයි. කෘෂි හා පාරම්පරික කලාපයක් ලෙස ගත් කල පහත රට අතරමැදි කලාප එල් 3 ටත් එල් 4ටත් මායිම්ව පිහිටා ඇත. මෙහි වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 35ටත් 40ටත් අතර වේ. කොට්ඨාශය පුරා විසිරී ඇති මහ වැව් සංඛ්‍යාව 30ක් වන අතර අක්කර 10ට අඩු සුළු වැව් සංඛ්‍යාව 86කි. වී ගොවිතැන ප්‍රධාන වශයෙන් කලද අක්කර 50ට වැඩි වැව් ඇත්තේ 01කි. වැව් ජලය ප්‍රමාණවත් නොවන නිසා වර්ෂාව වී ගොවිතැනේ අසාර්ථකත්වයට බලපාන ප්‍රධාන සාධකය වී ඇත. වී ගොවිතැන ප්‍රධාන වශයෙන් එක් කන්නයකට පමණක් සීමා වී ඇත.
වී ගොවිතැනට අමතරව බුලත්,එළවළු,කෙසෙල් ,රටකජු,අල වර්ග ආදී බෝග වගා කෙරෙහි ගොවීන්ගේ නැඹුරුවක් ඇතත් ජල හිඟය ඒ සඳහා අහිතකර ලෙස බලපා ඇත. ආර්ථික රටාව ගත් කල මෙම ප්‍රදේශයේ කෘෂිකර්මය බහුලව ඇතත් සත්ව පාලනය හා වෙනත් සුළු කර්මාන්ත හා කුලී වැඩ වැනි රැකියාවන්හි ජනයා නිරත වී සිටිති. පාරම්පරික කර්මාන්ත ලෙස වළං කර්මාන්තයද සුළු කර්මාන්ත ලෙස ගඩොල් කර්මාන්තය, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ගල් කැඩීම ආදිය දැක්විය හැකිය.
මෙම කොට්ඨාශයේ මුළු ජනගහනය 33045කි. එහි ස්ත්‍රී 17222 හා පුරුෂ 15823 කින් යුක්තය. ආගමික අතින් දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම ප්‍රදේශයේ ලක්දිව සිංහල නරේන්ද්‍ර වූ පඬුවස්දෙව් රජු වාසය කල බවට සාක්ෂි ඇත. කොට්ඨාශය පුරා ඇති ආගමික සිද්ධස්ථාන ගණන 43 කි. බෞද්ධ සිද්ධස්ථාන ගණන 38ක්ද, කතෝලික සිද්ධස්ථාන ගණන 02ක්ද, ක්‍රිස්තියානි දේවස්ථාන 01ක්ද හා මුස්ලිම් දේවස්ථාන 02 ක්ද වශයෙන් පිහිටා ඇත.
2018 වර්ෂය තුළ අපගේ අනුමත කාර්ය මණ්ඩලය සහ සැබෑ කාර්ය මණ්ඩලය පහත පරිදි වේ:
| තනතුර | අනුමත නිලධාරී ගණන |
ස්ථිර | පුරප්පාඩු |
| ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 01 | 01 | - |
| ගණකාධිකාරී | 01 | 01 | - |
| සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) | 01 |
01 | - |
| පරිපාලන නිලධාරී | 01 |
01 | - |
| පරිපාලන ග්‍රාම නිලධාරී | 01 | 01 | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 01 |
- | 01 |
| කලමණාකරන සහකාර | 26 |
24 | 02 |
| කාර්මික නිලධාරි | 01 |
00 | 01 |
| සංවර්ධන සම්බන්ධීකාරක | 01 |
01 | - |
| සංවර්ධන නිලධාරී | 11 |
29 | - |
| සංවර්ධන නිලධාරී (සංවර්ධන) | 45 |
47 | - |
| ග්‍රාම නිලධාරී | 36 |
25 | 11 |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 01 | 01 | 00 |
| තාක්ෂණික සහකාර | 01 | 01 | - |
| රියදුරු | 02 | 02 | - |
| කාර්යාල කාර්ය සහයක | 06 | 05 | 01 |

























