කොවිඩ් ගැන
කොවිඩ් 19 පොදු රෝග ලක්ෂණ
උණ
කැස්ස
උගුරේ අපහසුතාව
හුස්ම ගැනීමේ අපහසුතාව
මේ රෝග ලක්ෂණ තිබූ පමණින් ඔබ corona ආසාදිත යැයි සිතිය නොහැකිමුත් කොරෝනා වෛරස ආසාදනයේ ද දක්නට ලැබෙන රෝග ලක්ෂණ මේවා ම වන බැවින් ඔබගේ ආදරණීයයන් ගේ ආරක්ෂාව පිණිස පහත පියවරයන් අනුගමනය කරන්න. මෙය පුරවැසියෙකු ලෙස ඔබගේ ජාතික වගකීමකි.
-
වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සඳහා මිස වෙන කිසිදු කාරණයක් සඳහා නිවසින් පිටව නොයන්න
-
හැකිනම් තමාම පමණක් රැදී සිටීමට කාමරයක් වෙන් කරගන්න.
-
නිවසේ ඔබ සහ අනෙක් අය අතර අවම වශයෙන් මීටරයක දුරක් තබා ගන්න
-
හැකිනම් වෙනම වැසිකිලියක්/නාන කාමරයක් භාවිතා කරන්න. එසේ කළ නොහැකි නම් වැසිකිළිය / නාන කාමරය භාවිතා කළ පසු ඒවායේ කරාම, දොරගුළු ආදිය සබන් යොදා සෝදන්න.
-
නිවසට ආගන්තුකයන් ගෙන්වා නොගන්න..
-
ඔබ මෙන්ම අනෙකුත් නිවැසියන් ද නිතර නිතර හැකි සෑම විටම සබන් යොදා තත්පර විස්සක්වත් අත් සෝදා ගත යුතුය.
-
තමන් භාවිතා කරන පිඟන්, වීදුරු, කෝප්ප, තුවා හා ඇඳ ඇතිරිලි ආදිය අන් අයගෙන් වෙන්ව තබා ගන්න. අනෙක් අයගේ ඒවායෙන් වෙන්ව සබන් ගා සෝදා ගන්න..
-
කහින විට හෝ කිවිසුම් යවන විට වැලමිටෙහි ඇතුල් පැත්තෙන් හෝ ටිෂු කඩදාසියකින් මුව වසා ගන්න. එක් වරක් භාවිතා කරන ලද ටිෂු කඩදාසි පියන සහිත කසල බඳුනකට දමන්න.
-
ඔබ භාවිත කරන මුහුණු ආවරණ හා අත්වැසුම් භාවිතයෙන් පසු නැවත නැවත භාවිතා නොකර පියන සහිත කසල බඳුනකට දමන්න..
-
වඩාත්ම වැදගත් දෙය නම් ඔබ පසුගිය සති දෙක ඇතුළත පිට රටකට ගොස් පැමිණියේ නම් හෝ corona රෝග ආසාදිතයෙකු හෝ එසේ සැක කළ හැකි පුද්ගලයෙකු ආශ්‍රය කර ඇත්නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දෙන්න.
















